අපගේ දැක්ම 

"ජන සිත පිනවන යහපත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක්"

 

අපගේ  මෙහෙවර

" රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,

සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම,

තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් 

ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම''

 

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ඉතිහාසය

ඒ්.බී.ඊ්.එස්. සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ නිලධාරීන් සිවු දෙනකුගෙන් පමණ සරලව ආරම්භ කරන ලද හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය 1978 වර්ශය දක්වා අතීතයට දිවයයි. එදා සිට මේ දක්වා ජනතාවගේ අවශ්‍යතාවන්ට අනුරූප වෙමින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දියුණුව කරා පිය නගන ලදී. මේ වන විට කාර්යය මණ්ඩලය නිලධාරීන් 100 කට අධික වන අතර ග්‍රාම නිලධාරී වසම් 26 ක් දක්වා වර්ධනය වී ඇත. වර්තමානයේ කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ලෙස එම්.ඩී. ගයානී කේ රණතුංග මහත්මිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස ඩබ්ලිව්.ජී.එම්. ප්‍රියදර්ශනී මහත්මිය රාජකාරී කටයුතු සිදුකරනු ලබයි.

හපුතලේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සේවය කල ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ නාමාවලිය

 නම ධුර කාලය  
සාන්ත සිල්වා 1978 1991
එල්.ජේ.එම්. ප්‍රේමරත්න 1991 1992
ටී.ඒ. සෝමසිරි 1992 1993
එස්.පී.එස්. සේනාධීර 1993 1995
ඩබ්.එම්.විජේසූරිය 1995 1996
සේන ජයසූරිය 1996 2000
එච්.එල්.එස්. විජේසිංහ 2000 2001
ආරියරත්න එදිරිසිංහ 2000 2001
ඩබ්.එම්.ගුණසේකර 2001 2003
ධර්මසිරි පියසේන

2003

2012.01.31
සමන්ති රණසිංහ 2012.02.01 2013.01.31
 ටී.පී. අනුර හේමකුමාර 2013.02.01  2015.10.19
 කේ.බී.ඒ.එම්.එස්. අබේකෝන් 2015.10.20 2021.06.30
එම්.ඩී. ගයානි කේ. රණතුංග 2022.05.28 මේ දක්වා

පුවත් සහ සිදුවීම්

17
අගෝ2026
♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති...

13
ජූලි2026
ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ග්ලැනනෝර්...

Scroll To Top