මේ වන විට දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් 2021 වර්ෂයෙන් පසු උපන් දරුවන් සදහා ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ වැඩ සටහන ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ යටතේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද එම වැඩ සටහන ආරම්භ කර ඇති අතර 2021 වර්ෂයෙන් පසු උපන් දරුවන් කිහිප දෙනෙකුගේ උපත් සහතික නිල වශයෙන් එම දෙමව්පියන් වෙත ලබා දීම හපුතලේ ප්‍රාදේශීය ලේකම් තුමියගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. මින් ඉදිරියට 2021න් පසු දියතලාව මූලික රෝහල තුල උපන් සෑම දරුවකු සදහාම ජාතික උප්පැන්න සහතිකය ලබා ගැනීමට හැකි බව දැනුම් දෙන අතර ඒ සම්බන්ධයෙන් හැකි සෑම අවස්ථාවකම ප්‍රජාව දැනුවත් කරන මෙන්ද ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.                                 
අතිරේක දිස්ත්‍රික් රෙඡිස්ට්‍රාර්
හපුතලේ.

News & Events

17
Aug2026
♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති...

13
Jul2026
ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ග්ලැනනෝර්...

Scroll To Top